Community Services
ආරම්භය 🍃
කැලණිය රොටරැක්ට් සමාජයේ සමාජ සත්කාරයක් !
සිනහවක් පමණක් බලාපොරොත්තුවෙන් දෙන දෙයක් තරම් පිවිතුරු දන්දීමක් තවත් නොමැති බව අපි විශ්වාස කළත්, සිනහවකින් තොරව වුවද දෙඇසින් අසරණකම කියාපාන අසරණ සතුන්ගේ කුසගින්නත් අපට එකසේ දැනුනේ ජීවත්වන සැමට එය පොදු දෙයක් නිසාවෙනි.
කැළණිය රොටරැක්ට් සමාජයේ සමාජ සත්කාරයක් වූ, හිසට සෙවනක් හෝ කුසට අහරක් නොමැතිව අසරණව වසන මිනිසුන්ගේත් සතුන්ගේත් ආහාර වේලක් පිදූ "ආරම්භය" පළමු අදියරේ දසුන් කිහිපයක් ඔබ නෙතග මෙසේ සනිටුහන් කරමු!
We believe that the purest form of giving is to give without expecting nothing but a smile. Nevertheless, those that can't draw a smile on their face spoke to us with their eyes.
The attempt of satisfying the hunger with the least we could do in providing a meal to the underprivileged people and homeless dogs was definitely a beautiful and fulfilling experience.
Sharing with you, few of the cherished memories of the project "Aarambhaya"